December 22, 2023

කම්කරු දෙපාර්තමේන්තුවට වසර 100ක් සම්පූර්ණවීම නිමිත්තෙන් නිකුත් කරන ලද සියවස් සමරු මුද්දරය ඊයේ (21) එළිදක්වා ඇත.

එසේ එළිදැක්වූ පළමු මුද්දරය හා මුල් දින කවරය කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර විසින් 1994 වසරේ සිට 2000 වසර දක්වා කම්කරු ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ප්‍රදානය කර තිබේ.

මෙසේ වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන් පාසල් මට්ටමින් මුද්දර නිර්මාණ තරගයක් පවත්වා තිබූ අතර, එම තරගයෙන් ජයගත් හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ පී.ජී.ඩී. අදීෂා සෙව්නුලි දියණියගේ නිර්මාණය මුද්දරය සදහා යොදාගෙන තිබිණි.

එහි දෙවැනි ස්ථානය දිනාගත් එම විද්‍යාලයේම සෙනුලි බිහන්ගා විජේසේකර දියණියගේ නිර්මාණය මුල් දින කවරය ලෙස යොදාගෙන ඇත.

මෙරට කම්කරු ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා කටයුතු කළ සියලු දෙනා වෙනුවෙන් මෙම මුද්දරය සහ මුල් දින කවරය නිකුත් කරන බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මෙහිදී සදහන් කර තිබේ.

කම්කරු දෙපාර්තමේන්තුවට වසර 101ක් ගතවීමට පෙර නව රැකි රක්ෂා පනත ගෙන එමින් මෙරට කම්කරු ක්ෂේත්‍රය උඩු යටිකුරු කිරීමට කටයුතු කරන බවත්, මෙතෙක් කම්කරු ක්ෂේත්‍රයේ පැවැති අඩුපාඩු සියල්ලටම විසදුමක් සහ ශ්‍රමයට නිසි ගරුත්වයක් ලබාදීමට නව රැකි රක්ෂා පනත මගින් අවකාශය උදාවන බවත්, ඇමැතිවරයා පවසයි.

නූතන වැඩ ලෝකයට ගැලෙපන ශ්‍රමිකයින් නිර්මාණය වන, ව්‍යවසායකයන් හා ආයෝජනවලට හිතකරවීමත් සමග ශ්‍රමිකයන් ආරක්ෂා කරන හා ඔවුන්ගේ සමාජ සුබසාධනය පුළුල් කරන යුගයකට ගමන් කරමින් සිටින බවත්, නව රැකි රක්ෂා පනත මගින් දියුණු රටක් බිහි කිීමේ මූලික පියවර තබන බවත්, ඔහු සඳහන් කර ඇත.

මෙම අවස්ථාවට එක්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කම්කරු ප්‍රඥප්තිය ගෙන ඒම නිසාම ඇමැතිධූරයෙන් ඉවත් කිරීමට ලක්වූ දක්ෂ නායකයෙක් බවද ලාබාලම කම්කරු ඇමැතිවරයා ලෙස ඔහු තැබූ වාර්තාව තමන් විසින් බිදදමා ඇති බවද වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර ඇමැතිවරයා පවසා තිබේ.

42.31%
17.27%
32.76%