Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මියන්මාරයේ කැරන් ප්‍රාන්තයේ සයිබර් අපරාධ කඳවුරු තුළ සේවයේ යොදවා සිටි ශ්‍රී ලාංකිකයකු ඇතුළු රටවල් 20කට අයත් පුද්ගලයන් 250කට අධික පිරිසක් සන්නද්ධ කණ්ඩායමක් විසින් නිදහස් කර තායිලන්තයට රැගෙන විත් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
එම වාර්තාවට අනුව ඉතියෝපියාව, කෙන්යාව, පිලිපීනය, මැලේසියාව, පාකිස්ථානය, චීනය, ඉන්දුනීසියාව, තායිවානය, නේපාලය, උගන්ඩාව, ලාඕසය, බුරුන්ඩි, බ්‍රසීලය, බංග්ලාදේශය, නයිජීරියාව, ටැන්සානියාව, ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඝානාව සහ කාම්බෝජය යන රටවල පිරිමි පුද්ගලයන් 221ක් සහ කාන්තාවන් 39ක් ඇතුළුව කම්කරුවන් 260ක් එලෙස රැගෙනවිත් තිබේ.
බීබීසී පුවත් සේවයට අනුව, එක් කම්කරුවකු ශ්‍රී ලාංකිකයකු වන අතර බහුතරය ඉතියෝපියානුවන් වන බවත්, එම සංඛ්‍යාව 138ක් පමණ වන බවත් සඳහන් වේ.
ඔවුන්ගෙන් අඩකට වඩා අප්‍රිකානු හෝ ආසියාතික රටවලින් පැමිණි කම්කරුවන් බවත්, තායි හමුදාව විසින් ඔවුන්ව භාරගෙන, එම පිරිස මිනිස් ජාවාරමට ගොදුරුවූයේ දැයි සොයාබැලීමට පරීක්ෂණ සිදුකරන බවත් බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
පසුගිය සතියේ තායි අගමැති Paetongtarn Shinawatra චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී තායි-මියන්මාර දේශසීමාවේ පැතිරී ඇති වංචා මධ්‍යස්ථාන වසාදමන බවට පොරොන්දු වී තිබේ.
තායි රජය දේශසීමාවේ ඔවුන්ගේ කොටසේ සිට විදුලිය සහ ඉන්ධන සඳහා ප්‍රවේශය නවතා ඇති අතර, වංචා ක්‍රියාකරුවන් කම්කරුවන් සහ මුදල් ගෙනයෑම සඳහා සංක්‍රමණ රටක් ලෙස තායිලන්තය භාවිත කිරීම වැළැක්වීමට බැංකු සහ වීසා නීති දැඩිකර තිබේ.
තායිලන්තයේ ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරුන් පසුගිය වසර දෙක පුරාවටම මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට බලපෑම් කර තිබිණි.
විදේශීය ශ්‍රමිකයන් සාමාන්‍යයෙන් මෙම වංචා මධ්‍යස්ථාන වෙත පොළඹවනු ලබන්නේ හොඳ වැටුප් දීමනා පොරොන්දු මත බව පැවැසේ.
නැතහොත් සමහර අවස්ථාවල ඔවුන් මියන්මාරයේ නොව තායිලන්තයේ වෙනත් රැකියාවක් ලබාදෙන බවට වංචනිකව හසුකර ගෙන ඇත.
වංචනිකයන් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි සහ චීන යන සයිබර් වංචාවලට ඉලක්ක වන අයගේ භාෂා පිළිබඳ කුසලතා ඇති කම්කරුවන් සොයන බව ද පැවසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart