53.84%
19.85%
20.11%
September 5, 2023

බ්‍රිතාන්‍යයේ ‘චැනල් 4’ නාලිකාවට පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ලබාදී ඇති අසාද් මවුලානා නම් පුද්ගලයා පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක් සිදුකෙරිණි.

එම හෙළිදරව්ව සිදුකරන ලද්දේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසිනි.

මන්ත්‍රීවරයා සඳහන් කරන ආකාරයට විදෙස් රටක සරණාගතභාවය අපේක්ෂාවෙන් පසුවන මෙම පුද්ගලයාගේ ගිණුම්වලට අවස්ථා ගණනාවකදී විශාල මුදල් ප්‍රමාණයක් ලැබී ඇත.

එසේම ඔහුට විරුද්ධව පොලිසියට පැමිණිලි ගණනාවක්ද ලැබී ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

53.84%
19.85%
20.11%