42.31%
17.27%
32.76%
September 24, 2024

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර උග්‍රවන ගැටුම් හේතුවෙන් විපතට පත්ව සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය උපකාරක දුරකථන හඳුන්වා දී තිබේ.

දකුණු හා නැගෙනහිර ලෙබනනයට වැඩි වශයෙන් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ලවීමෙන් පසු අවම වශයෙන් පුද්ගලයන් 492 දෙනෙකු මිය ගොස් තවත් 1,645 දෙනෙකු තුවාල ලබා ඇති පසුබිමක මෙම ක්ෂණික දුරකථන අංක හඳුන්වා දී ඇත.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, මෙම ප්‍රහාරය 1975-90 සිවිල් යුද්ධයෙන් පසු ලෙබනනයේ ඇතිවූ මාරාන්තික දිනයයි.

අර්බුදය මධ්‍යයේ, ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ සහාය සඳහා දී ඇති දුරකථන අංක අමතන ලෙසයි.

42.31%
17.27%
32.76%