Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ පවතින අයෝජනයන්ට හිතකර පරිසරයෙන් උපරිම ඵල නෙළාගැනීමට එක්වෙන ලෙස කුවේට් රාජ්‍යයේ අයෝජකයන් හට කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර විශේෂ ආරාධනයක් කර ඇත.
ශ්‍රී ලංකා රජය සහ සහ කුවේට් රජය අතර 2009 වසරේදී අත්සන් තැබූ ආයෝජන ප්‍රවර්ධනය සහ අන්‍යෝන්‍ය ආරක්‍ෂාව පිළිබඳ ගිවිසුම මගින් පහසුකම් රැසක් උදාවන බවත් එහි උපරිම ඵලය නෙළාගැනීමට කුවේට් රාජ්‍යයේ ආයෝජකයන් හට අවස්ථාව පවතින බවද ඇමැතිවරයා පෙන්වාදී තිබේ.
ඇමැතිවරයා මෙම ආරාධනය ඉදිරිපත් කර ඇත්තේ, කුවේට් රාජ්‍යයේ ජාතික දිනය සැමරීම වෙනුවෙන් ඊයේ (26) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති විශේෂ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.
එහිදී ඇමතිවරයා, සඳහන් කර ඇත්තේ, දෙරට අතර අත්සන් තැබූ මෙම ගිවිසුම ප්‍රතිලාභ උපරිමයෙන් අත්පත් කරගයුතු බවයි.
ඒ අනුව අදාළ ගිවිසුම මගින් අත්වන ඉතා අඩු අගයක පවතින ආයතනික බදු සහ විශේෂ ආර්ථික කලාපවල පිරිනැමෙන ආයෝජන අවස්ථා ඇතුළු විශේෂ මූල්‍ය දිරිගැන්වීම්වලින් ප්‍රයෝජන ගැනීමට කුවේට් අයෝජකයන් හට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස තමන් ආරාධනා කරන බවද හෙතෙම සඳහන් කර ඇත.
එහිදී ඇමැතිවරයා මෙසේද පවසා තිබේ.
“ශ්‍රී ලංකා රජය සහ කුවේට් රජය 2009 වසරේදී ආයෝජන ප්‍රවර්ධනය සහ අන්‍යෝන්‍ය ආරක්‍ෂාව පිළිබඳ ගිවිසුමට අත්සන් තැබූ අතර, මෙම ගිවිසුම අත්සන් කිරීමේ ප්‍රතිලාභ යථාර්ථයක් විය යුතු බවට මම විශ්වාස කරනවා. මෙම ගිවිසුම යටතේ පහළ දැමූ බදු සහ විශේෂ ආර්ථික කලාපවල පිරිනැමෙන ආයෝජන අවස්ථා ඇතුළු විශේෂ මූල්‍ය දිරිගැන්වීම්වලින් ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස මම කුවේට් ආයෝජකයින්ට ආරාධනා කරනවා.
මෙම ගිවිසුමට සමාන දෙරට අතර වෙළෙඳ කටයුතුවලට පහසුකම් සැපයීමට අදාළ විශේෂ වැඩටසහනක්ද ක්‍රියාත්මකයි. ඊට අදාලළ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ කුවේට් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් 2020 වර්ෂයේ පෙබරවාරි මාසයේදී අත්සන් කරනු ලැබුවා. ඒ අනුව ද්විපාර්ශ්වික වෙළෙඳාම වැඩිදියුණු කිරීම සඳහා දෙරටේම ව්‍යාපාරික නියෝජිතයන් විසින් සංචාරය කිරීම සිදුකරනවා නම් එය විශාල ධනාත්මක සාධයක් වෙයි කියලා මම විශ්වාස කරනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart