April 18, 2025

දළදා වන්දනාවේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන්ට විශේෂ දීමනාවක්

“සිරි දළදා වන්දනාව” විශේෂ රාජකාරිවල යෙදී සිටින පොලිස් නිලධාරීන්ට විශේෂ ගමන් වියදම් සහ සංයුක්ත දීමනාවක් ලබාදීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පවසන්නේ හෙට සිට ලබන 27 වනදා දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” සඳහා පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි.

ඒ සඳහා සහභාගී වන සියලුම පොලිස් නිලධාරීන් සඳහා විශේෂ ගමන් වියදම් හා සංයුක්ත දීමනාවක් ලබාදීමට වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

එම නිලධාරීන් සිය සේවා ස්ථානයෙන් බැහැරව දින 10 කට අධික කාලයක් සිදු කරන දිවා සහ රාත්‍රී රාජකාරි හේතුවෙන් ඔවුන්ට දැරීමට සිදුවන අමතර වියදම් සකලා බලා මෙම තීරණය ගෙන තිබේ.