July 14, 2024

වැලිගම, මිරිස්සට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී දකුණු කොරියානු ජාතික කාන්තාවක් දියේ ගිලී මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ ඊයේ (13) පස්වරුවේ මෙම දියේ ගීලීම සිදුව ඇති බවයි.

වෙරළාරක්ෂක නිලධාරීන් පිරිසක් ජීවිතාරක්ෂක නිලධාරීන් සමඟ එක්ව ඇය ගොඩට ගෙනැවිත් මාතර දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන යෑමට පියවර ගෙන ඇත.

කෙසේවෙතත්, විදේශික කාන්තාව රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ දකුණු කොරියාවේ සිට පැමිණි 37 හැවිරිදි කාන්තාවකි.

 

42.31%
17.27%
32.76%