January 16, 2024

ශ්‍රී ලංකා ජාතික රෝහලේ පවතින උග්‍ර ස්ටෙන්ට් හිඟයක් හේතුවෙන් හෘද රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි.

ඒ හේතුවෙන් හෘද රෝගීන්ගේ ජීවිත අනතුරට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරයි.

මේ නිසා බොහෝ රෝගීන්ට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට ද සිදුව තිබෙන බව ඔහු පෙන්වාදෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම හිඟය පිළිගෙන අවශ්‍ය ස්ටෙන්ට් ආනයනය කිරීමට ඇණවුම් කර ඇති බව වාර්තා සඳහන් කරයි.

42.31%
17.27%
32.76%