
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රෝහල්වලින් නොමිලේ ලබා දෙන අභ්‍යන්තර අක්ෂි කාච ලබා ගැනීමේ දුෂ්කරතාවන්ට රෝගීන් මුහුණ දී සිටින බව වාර්තා වේ.
ප්‍රසම්පාදන ප්‍රමාදයන් හේතුවෙන් 2023-2024 සිට වෛද්‍ය සැපයුම් අංශය අක්ෂි කාච තොග නොමැතිව සිටින බැවින්, කාච සඳහා රුපියල් 50,000ක් දක්වා ගෙවීමට රෝගීන්ට දැන් සිදුවෙමින් පවතින බව ද දැනගන්නට ලැබේ.
ඇසේ සුද සඳහා ප්‍රතිකාර කිරීම සහ විවිධ දෘෂ්ටි ගැටලු විසඳීම සඳහා මෙම කාච භාවිත කරනු ලැබේ.
වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් සඳහා වූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව හෙළිකළේ ඇසේ සුද සඳහා දමන කාච මිලදී ගැනීමේදී රෝගීන් දරන මිල රු. 50,000.00 දක්වා වන බවයි.
ඔහුට අනුව, රාජ්‍ය ඖෂධ සංස්ථාව ඇසේ සුද ඉවත් කිරීමේ දී දමන කාච මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබියදීත්, වෛද්‍ය සැපයුම් අංශයට අවසන් වරට ඇසේ සුද කාච ලැබී ඇත්තේ 2023-2024 දීය.
කාචවල තාක්ෂණික පිරිවිතර සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ වෛද්‍ය සැපයුම් අංශය අතර ගැටුම අදාළ ටෙන්ඩරය ප්රදානය කිරීම මාස නවයකට ආසන්න කාලයක් ප්‍රමාද කර තිබේ.
“හැමෝම තීරණයක් ගන්න බයයි. මේක එක නිශ්චිත ඖෂධයක් හෝ අයිතමයක් පිළිබඳ කාරණයක් නෙවෙයි, සංකීර්ණ ප්‍රශ්නයක්,” වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසා තිබේ.
“රට තුළ ඖෂධීය ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තිබෙන නිසාත්, ඖෂධ මිලදී ගැනීම සාමූහික තීරණයක් නිසාත් අපට එක ඖෂධයක් පමණක් තෝරාගෙන ඒ ගැන කතා කළ නොහැකියි.” යනුවෙන් ද පහු පවසයි.
හිඟය හුදෙක් ගැටුමක් නිසා ඇති වූවක් නොවන බවත්, අදාළ සෑම ආයතනයක්ම තම උපරිම හැකියාවෙන් ප්‍රසම්පාදනය සඳහා ඇති ගැටලු විසඳීමට කටයුතු කරමින් සිටි බවත් ඔහු තවදුරටත් පැවසීය.
වෛද්‍ය සංජීවට අනුව, ටෙන්ඩරයක් ප්රදානය කරන විට, එය සිදු කරනු ලබන්නේ එයට බලපාන විශේෂතා පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණීමෙන් පසුවය.
ටෙන්ඩරය ප්රදානය කිරීමෙන් පසු එම විශේෂතා සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම්කරු විසින් මතු කරන ලද විරෝධතා කාච මිලදී ගැනීම බලපා ඇති අතර එමඟින් හිඟයක් ඇති වී තිබේ.
“සෞඛ්‍ය අමාත්‍යාංශයේ විවිධ ඒකක අතර පවතින පරිපාලන දුර්වලතා හේතුවෙන් මේ රටේ දුප්පත් සහ අහිංසක ජනතාව තවමත් දුක් විඳිනවා,” යැයි ඔහු චෝදනා කළේය.
ඖෂධ හිඟයක් පමණක් නොව හෘද කැතීටර්, ස්ටෙන්ට් සහ ශල්‍ය උපකරණ හිඟයක් ද දැනට පවතින බව ඔහු කියයි.
“හෘද ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණ සඳහා අවශ්‍ය කැතීටර් සහ ස්ටෙන්ට් වර්ග බොහොමයක් තිබෙනවා. රෝගීන්ට අවශ්‍ය ස්ටෙන්ට් වර්ග නොමැතිකම නිසා, රෝගීන්ට ඒවා පිටතින් වැඩි මිලකට මිලදී ගැනීමට සිදුවනවා,” යනුවෙන් වෛද්‍ය සංජීව පැවසීය.
දිවයින පුරා බොහෝ රෝහල්වල බරපතළ සැත්කම් සඳහා අවශ්‍ය උපකරණ හිඟය හේතුවෙන් රෝගීන් දුක් විඳින බව ඔහු අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart