Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අර්බුද රැසකට මුහුණ දී සිටින මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට 14,000ක පමණ කාර්ය මණ්ඩල හිඟයක් සමග පොරබැදීමට සිදුව ඇති බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කරයි.
මෙම සේවක හිඟය නොපමාව විසඳීමේ හදිසි අවශ්‍යතාව ද ඇමතිවරයා අවධාරණය කරයි.
සෞඛ්‍ය ඇමැතිවරයාට අනුව මෙම තත්ත්වය උග්‍ර වී ඇත්තේ වසර අටක කාලයක් පුරා වෛද්‍යවරුන්ගේ කාර්ය මණ්ඩල ලේඛන සංශෝධනය සම්බන්ධයෙන් පැවති සැළකිව යුතු ප්‍රමාදයන්ය.
ඖෂධ හිඟය, බොහෝ විශේෂඥයන් සහ පුහුණුව ලත් හෙදියන් සංක්‍රමණය සඳහා ශීඝ්‍රයෙන් යොමුවීම මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය බිඳවැටීමට තවත් හේතුවක් බවට පත්ව තිබේ.
නව විශේෂඥ වෛද්‍ය අංශ හඳුන්වාදී තිබියදී සහ සේවා පුළුල් කර තිබියදී මෙරටට අවශ්‍ය වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව සංශෝධනය වී නොමැති අතර, එය දැනටමත් අර්බුදයකට ලක්ව ඇති සෞඛ්‍ය සේවා පද්ධතියට දැවැන්ත පීඩනයක් එක්කරන බව ඇමැතිවරයාගේ අදහස වී තිබේ.
මෙම අර්බුද මධ්‍යයේ, ඖෂධ මිල ඉහළ යෑම සහ අධික රෝහල් ගාස්තු හේතුවෙන් රජයේ රෝහල්වලට රෝගීන් ඇතුළත් කිරීම් ද ඉහළ ගොස් තිබේ.
ඒ අනුව මෙම අර්බුදය රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දරුණු චිත්‍රයක් මවා පෙන්වන බව ඔහු අවධාරණය කරයි.
මෑතකදී සිදුකරන ලද සමීක්ෂණයක් උපුටා දක්වමින් ඇමැතිවරයා පෙන්වාදෙන්නේ, රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවය.
එම රෝගීන්ගේ සංඛ්‍යාව දළ වශයෙන් 30-35% අතර වැඩිවීමක් වාර්තා කර තිබේ.
රෝහල්ගතවීම් ද අවම වශයෙන් 15-20% කින් පමණ ඉහළ ගොස් ඇති බව ද ඇමැතිවරයා පෙන්වාදෙයි.
රෝහල්ගතවීම් ඉහළ යෑමට හේතුවක් ලෙස ඇමැතිවරයා පෙන්වාදෙන්නේ මධ්‍යම පාන්තික සහ ඉහළ මධ්‍යම පාන්තික පුද්ගලයන් මුහුණදෙන දැවැන්ත අභියෝගයන්ය.
එනම් මීට පෙර පෞද්ගලික සේවාවන් ලබාගත් බොහෝදෙනකුට ප්‍රතිකාර ලබාගත නොහැකි මට්ටමට පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර සේවා මිල ඉහළ යෑමය.
විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවය හා සම්බන්ධ මූල්‍යමය බර දරාගත නොහැකි මට්ටමට පැමිණ ඇති බව ඇමැතිවරයාගේ අදහස වී තිබේ.
සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ මුල්බැස ඇති ගැටලු පිළිගන්නා ඇමතිවරයා ඒ සඳහා කඩිනම් සහ ගැළපෙන ලෙස මැදිහත්වීමේ අවශ්‍යතාව ද පිළිගෙන තිබේ.
ඇමැතිවරයා පවසන්නේ, සෞඛ්‍ය පද්ධතියේ ගැටලු පවතින බව තමන් හඳුනාගෙන ඇති බවය.
ඒ අනුව ඇතැම් රාජ්‍ය රෝහල්වල පවතින පීඩනය සමනය කිරීම සඳහා තාවකාලික ස්ථාන මාරුවීම් දී ඇති බවත්, ඒ සඳහා පුළුල් සහ තිරසාර යෝජනාවක් අත්‍යවශ්‍ය බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.
එළැඹෙන අයවැයෙන් සැළකිව යුතු වෙන්කිරීම් සිදු කර මෙම අඛණ්ඩ අභියෝග මඟහරවා ගැනීම සඳහා සුදුසු විසඳුම් ඉදිරිපත් කරනු ඇතැයි යන්න ඇමතිවරයාගේ බලාපොරොත්තු වී තිබේ.
මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදය උග්‍ර වෙමින් තිබියදී මෙම තීව්‍ර වන ගැටලුව විසඳීම සඳහා අමාත්‍යාංශයෙන් විසඳුම් ලබාදෙන ලෙසට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.
වසර අටක් පුරා වෛද්‍යවරුන්ගේ සේවක සංඛ්‍යා සංශෝධනයක් සිදුනොවීම පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කනස්සල්ල පළකර තිබිණි.
එසේම ඉකුත් සිකුරාදා (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බුද්ධිගලනය වැනි ප්‍රධාන ගැටලුවලට එරෙහිව සටන් කිරීම, පවතින සෞඛ්‍ය අර්බුදයට පිළියම් යෙදීම සහ වෛද්‍යවරුන්ට බලපාන කරුණු පිළිබඳ පියවර අටකින් යුත් යෝජනාවක් භාරදීමට ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පියවර ගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart