February 12, 2025

මත්ද්‍රව්‍ය වැටළීමකට මූලික වූ පොලිස් නිලධාරියකු බුද්ධි අංශ වාර්තාවක් මත අසත්‍ය චෝදනා එල්ල කර ස්ථාන මාරුකර ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල චෝදනා කරයි.

මෙම පොලිස් නිලධාරියා මහරගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කර ඇති අතර, පසුව මත්ද්‍රව්‍ය ජාවාරමක් හේතුවෙන් මුලතිව් ප්‍රදේශයට මාරුකර යවා ඇති බවද අමාත්‍යවරයා පවසයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍යවරයා පවසා ඇත්තේ, අදාළ පොලිස් නිලධාරියා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ සබඳතාවක් පවත්වා ඇති බවට බුද්ධි අංශ වාර්තාවලින් අනාවරණ වීමෙන් අනතුරුව ඔහුව ස්ථාන මාරුකර ඇති බවයි.

“ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් වැටළීමේදී මෙම පොලිස් නිලධාරියා විශාල දායකත්වයක් ලබාදී ඇති බව පවසමින් මෙම ස්ථාන මාරුව පිළිබඳව සොයාබැලීම සඳහා සැලකිය යුතු පිරිසක් අප අමාත්‍යාංශයට පැමිණියා. අඩුම තරමින් ප්‍රදේශයේ 10ක් 12ක් විතර පොලිස් නිලධාරියා ගැන සහතික කරන්න අපි ළඟට ආවා” අමාත්‍යවරයා පැවසීය.

එබැවින් පොලිස් නිලධාරීන් තම රාජකාරිය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා, පොලිසියේ වැරදි සෙවීමට තමන් බලාපොරොත්තු නොවන බවද සඳහන් කරයි.

42.31%
17.27%
32.76%