March 21, 2025

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නියමුවන් පුහුණු කිරීමේ K8 වර්ගයේ යානයක් වාරියපොළ ප්‍රදේශයට කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් සත්පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

අද උදෑසන වාරියපොළ ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ජෙට් යානය අනතුරකට ලක්විය.

කටුනායක සිට ගුවන්ගත කළ යානය කඩාවැටී තිබුණේ වාරියපොළ ප්‍රදේශයේදී ය.

යානය වාරියපොළ ප්‍රදේශයේ පිහිටි පොල් වත්තකට කඩාවැටී තිබුණි.

එහි ගමන් කළ නියමුවන් දෙදෙනා නිරුපද්‍රිතව පැරිෂුට් ආධාරයෙන් පොළොවට පතිතවී තිබිණි.