51.99%
17.7%
23.19%
September 6, 2023

පාසල් සිසුවකුට පහර දී තුවාල සිදු කළ අගමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයකු සහ ඔහුගේ ඥාතියකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කරන මෙම පොලිස් සැරයන්වරයා, ඔහුගේ නිවසට යාබදව පිහිටි නිවසක පිරිසක් සමග ඇති වූ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම සිසුවාට පහර දී ඇති බව ඉඟිනියාගල පොලීසිය පවසයි.

එම සිසුවාගේ මව විසින් සිදු කළ පැමිණිල්ලක් මත විමර්ශන කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

පහරකෑමට ලක් වූ දරුවා අම්පාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරයි.

51.99%
17.7%
23.19%