Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කළ බව කියන තරුණයන් හයදෙනකු අද (22) දින අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශනය ඒකකය පවසයි
අදාළ සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවකු නීතිඥවරයකු මාර්ගයෙන් හංවැල්ල පොලිසියට අද (22) උදෑසන භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ කරුණු මත අනෙක් සැකකරුවන් පස්දෙනා ද අත්අඩංගුවට ගත් බව ද එම ඒකකය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිසුවියගේ පෙම්වතාද වන බව පැවැසේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21 ත් 24 ත් වයස්වල කඩුවෙල නවගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් හයදෙනෙකි.
සමූහ දූෂණයට ලක් වූ පාසල් ශිෂ්‍යාව තම පෙම්වතා හමුවීමට ඊයේ (21) ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටි අතරතුර දී යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයන් පස්දෙනකු විසින් අදාළ දැරිය බලහත්කාරයෙන් යතුරුපැදියක නංවාගෙන ජල්තර ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ආදාහනාගාරයක් තුළට ගෙනගොස් සමූහ වශයෙන් දූෂණයට ලක්කර ඇති බව එම දැරිය විසින් සිදුකළ පැමිණිල්ලෙහි සදහන්ව ඇත.
සැකකරුවන් හෙට (23) දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුගේගොඩ අපරාධ ස්ථාන විමර්ශන ඒකකයේ නිලධාරීන් නුගේගොඩ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් නුගේගොඩ කොට්ඨාස අපරාද විමර්ශන ඒකකයේ නිලධාරීන් හා එක්ව හංවැල්ල පොලිසිය පරීක්ෂණ පැවැත්වීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart