February 20, 2025

ඊයේ සවස අම්බලන්ගොඩ කුරුඳුවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පාසල් සිසුවියක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇල්පිටිය කොට්ඨාශ අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් දැරිය අම්බලන්ගොඩ රජයේ පාසලක 17 හැවිරිදි ශිෂ්‍යාවක් වන අතර, මෙම වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටීමට සූදානම් වෙමින් සිටී.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටි දැරියගේ සහෝදරයා දින තුනකට පෙර නිවසට පැමිණ ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති බව පොලිසිය පැවසීය.

ඔහු නොමැති විට, ඔහුගේ බිරිඳ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇත.

ඇය කුඩා දරුවෙකුගේ මවක් වන අතර ගනුදෙනුකරුවන් හමුනොවන බැවින්, මුදල් ලබාගැනීමට දැරිය භාවිත කර ඇත.