January 12, 2025

මහනුවර, දවුලගල ප්‍රදේශයේදී 19 හැවිරිදි පාසල් සිසුවියක් පසුගිය ජනවාරි 11 වැනිදා පෞද්ගලික පන්තියකට යමින් ආපසු සිටියදී පැහැරගෙන ගොස් තිබිණි.

සැකකරුවන් පැහැරගැනීම සඳහා කළු පැහැති වෑන් රථයක් යොදාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු විසින් දැරිය බලහත්කාරයෙන් වාහනයට නංවන අයුරු සීසීටීවී දර්ශනවල සටහන්ව තිබේ.

ඒ අසල සිටි අයෙක් මැදිහත් වීමට උත්සාහ කළ නමුත් ඔහුට පහර දී වෑන් රථයෙන් පිටතට ඇදදමා ඇත.

පැහැරගැනීමට ලක් වූ දැරියගේ ඥාති සොහොයුරකු මෙලෙස ඇයව පැහැරගෙන ඇති බවට හඳුනාගෙන ඇති අතර, සැකකරු පොළොන්නරුව ප්‍රදේශයේදී වෑන් රථය අතහැර දමා ගොස් තිබේ.

එහිදී ජීපීඑස් ට්‍රැකර් යන්ත්‍රයක් භාවිත කර වාහනය සොයාගෙන ඇත.

දැරිය සොයාගැනීමට නිලධාරීන් අඛණ්ඩ උත්සාහයක නිරත වේ.

මේ සම්බන්ධයෙන් පොලිසිය නිකුත්කළ නිවේදනය පහතින් දැක්වේ.

42.31%
17.27%
32.76%