December 26, 2024

කළුතර බන්ධනාගාරයේ සිටි සිරකරුවන් පිරිසකට ද නත්තල් උත්සවය නිමිත්තෙන් ඊයේ (25) නිදහස ලැබිණි.

විවිධ චෝදනාවලට ලක්ව දඬුවම් ලැබ සිටි 16 දෙනකුට පොදු සමාව යටතේ මෙසේ නිදහස ලැබුණේය.

නිදහස් ලැබූ රැඳවියන් අතර රුසියානු ජාතික විදේශ කාන්තාවක සහ ඇයගේ අවුරුදු 4ක සිඟිති දියණිය ද සිටින බව වාර්තා විය.

මෙම විදේශීය කාන්තාව වීසා නොමැතිව මෙරට රැඳීසිටීමේ චෝදනාව යටතේ කළුතර අධිකරණය මගින් දඬුවම් ලැබ සිට ඇත.

දියණිය සහ කාන්තාව වැලිසර ආගමන විගමන රැඳවුම් මධ්‍යස්ථානය වෙත භාරදීමෙන් අනතුරුව ඉදිරි දිනක දී රටින් පිටුවහල් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

42.31%
17.27%
32.76%