Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන් ජනාධිපතිව සිටියදී ලබාදුන් ‘ස්වර්ණභූමි’ හිමිකම් ඔප්පු භාවිත කරමින් රාජ්‍ය දේපළ 10ක් තමන්ට පවරාගෙන ඇති බව මේ වන විට හෙළිවී තිබේ.
හිටපු ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ වත්කම් ප්‍රකාශය හරහා මේ බව අනාවරණ වී ඇත.
සිරිසේන හිටපු ජනාධිපතිවරයා මේ ආකාරයට අත්පත් කරගත් දේපළ දහයෙන් පහක නිවාස ද තිබේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දි වශයෙන් ගෙවීමට නියම කළ රුපියල් මිලියන 100ක මුදල පියවීමට හිටපු ජනාධිපතිවරයාගේ නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තවත් කල් ඉල්ලා සිටි අවස්ථාවේදී ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මෙම කරුණු ඉදිරිපත් කළේය.
ප්‍රහාරයෙන් විපතට පත් වූවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන ප්‍රශ්න කළේ ජනාධිපතිවරයකු ජනාධිපති ධුරය දරමින් මෙතරම් ධනයක් රැස් කරන්නේ කෙසේද යන්නයි.
මෙම හෙළිදරව්වෙන් දූෂණ පෙන්නුම් කරන බව පවසමින් ඔහු වින්දිතයන් වෙනුවෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කරන ලෙසයි.
මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්ගේ නීතීඥවරුන් අධිකරණයට දන්වා සිටියේ වින්දිතයන්ට ගෙවීමට නියම කර තිබූ වන්දි මුදල් තම සේවාදායකයන් විසින් සම්පුර්ණයෙන්ම පියවා ඇති බවයි.
රුපියල් මිලියන 50ක් ගෙවන ලෙස ප්‍රනාන්දුටද රුපියල් මිලියන 10ක මුදලක් ගෙවන ලෙස මෙන්ඩිස්ට ද නියෝග කර තිබිණි.
ඒ අනුව අධිකරණය ඔවුන්ව පෙත්සමෙන් නිදහස් කළේය.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ රුපියල් මිලියන 75න් මේ වන විට ගෙවා ඇත්තේ රුපියල් මිලියන 1.9ක් පමණක් බවද අධිකරණයේදී අනාවරණ විය.
මේ අතර එවක රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වින්දිතයන්ට ගෙවීමට නියෝග කර තිබූ රුපියල් මිලියන 75න් රුපියල් මිලියන 4.1ක් පමණක් ගෙවා ඇති බව ද හෙළිවී තිබේ.
වන්දි ගෙවීමට තවත් කල් ලබාදෙන ලෙස වගඋත්තරකරුවන් කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.
අගොස්තු 30 වැනිදාට පෙර වන්දි මුදල් සම්පූර්ණයෙන් පියවන ලෙස වගඋත්තරකරුවන්ට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය, වන්දි ගෙවීමට අපොහොසත් වුවහොත් සැප්තැම්බර් 20 වැනිදාට පෙර මෛත්‍රීපාල සිරිසේන, පූජිත් ජයසුන්දර සහ නිලන්ත ජයවර්ධනට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කරන ලෙසද නීතිපතිවරයාට නියෝග කර ඇත.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට දන්වා සිටියේ නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට විශ්‍රාමලත් විනිසුරු චම්පා ජානකී රාජරත්නගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බවයි.
ජාතික පොලිස් කොමිසම සහ පොලිස්පති යන දෙපාර්ශ්වයම මෙම කමිටුවේ කටයුතු පවත්වාගෙන යෑමට නිසි සහයෝගයක් ලබා නොදෙන බවද ඔහු අධිකරණයට දන්වා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart