March 10, 2025

යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක (Manual Treadmill) පැය 24ක කාලයක් අඛණ්ඩව ඇවිදීමෙන් ගි‍නස් ලෝක වාර්තා ‍දෙකක් (02) පිහිටුවීමට රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) අද (2025 මාර්තු 09) සමත්විය.

ඔහු ඊයේ පස්වරු 3ට නාවික හමුදා මුලස්ථානයේදී, ලෝක වාර්තා පිහිටුවීම සම්බන්ධ නිල ආයතනය ලෙස කටයුතු කරනු ලබන සෙරන්ඩිබ් ලෝක වාර්තා ආයතනයේ අධික්‍ෂණයෙන් ඇවිදීම ආරම්භ කළේය.

ඒ අනුව, ඊට පෙර යාන්ත්‍රික නොවන ‍ඇවිදීමේ යන්ත්‍රයක පැය 12ක කාලයක් තුල කිලෝ මිටර් 68.04 ඇවිද තබා ඇති ගිනස් ලෝක වාර්තාව බිඳදමා සහ පැය 24ක කාලයක් තුල කිලෝ මිටර් 160 ඇවිදීමෙන් මෙලෙස නව ගිනස් ලෝක වාර්තා දෙකක් (02) පිහිටුවීමට අද රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) සමත් විය.