42.31%
17.27%
32.76%
October 4, 2023

පසුගියදා පැවැති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී, කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී රුවන් විජයමුණි ප්‍රකාශ කර ඇත්තේ, නූතන තරුණ ප්‍රජාව නව පරම්පරාව බිහි කිරීමේ ප්‍රතිශතය 2.1ක් ලෙස පැවැතිය යුතු වූවද, එය මේ වන විට 1.9 දක්වා පහත වැටී ඇති බවයි.

තරුණ පිරිස් නව ජනිතයෙක් බිහි නොකිරීමේ ප්‍රවණතාවක් උද්ගතව ඇති බැවින් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට විශාල ශ්‍රම හිගයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඔහු පවසයි.

වෛද්‍යවරයා පවසා ඇත්තේ, “මීට වසර 10කට පෙර දිනකට දරුවන් 1000 ඉපදුණා. එය වසරක අගය දළ වශයෙන් 3,50 000ක් ලෙස තිබුණත් මේ වන විට එය ලක්ෂ 03 දක්වා පහළ බැස තිබෙනවා.” යන බවයි.

උපත් සංඛ්‍යාව වාර්ෂිකව මෙලෙස පහළ වැටීම සහ මරණ අනුපාතය වැඩිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනගහන පිරමීඩය මේ වන විට බැරල් හැඩයක් ගෙන ඇති බව ද වෛද්‍ය විජයමුණි පෙන්වා දී තිබේ.

අද සිට ම ක්‍රියාත්මක වී දරු උපත් සංඛ්‍යාව වැඩි නොකළහොත් ඉදිරි වසර 04ක 05ක කාලය තුළ ආර්ථිකයේ වර්ධනයක් සිදු වූවත් ශ්‍රම හිගයෙන් රට පීඩාවට පත් වනු ඇතැයි වෛද්‍යවරයා අනාවැකි පළකරයි.

පසුගිය වකවානුව තුළ පාසල්වලට ඇතුළත් කරන දරුවන් සංඛ්‍යාව අඩු වී තිබෙන බැවින් ඇතැම් පාසල් වැසීමට සිදුවී ඇති බවත්, අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්වී ඒ පිළිබඳ පුරෝකථනයක් සිදුකිරීමටත් තීරණය කෙරී ඇත.

42.31%
17.27%
32.76%