Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක කර ඇති යුක්තිය මෙහෙයුම හේතුවෙන් විපතට පත් ජනතාවගෙන් සමන්විත ‘යුක්තිය මෙහෙයුමෙන් අගතියට පත් ජනතාව’ නමින් පිරිසක් ඊයේ (08) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන්(HRCSL) සාධාරණයක් ඉල්ලා සිටියහ.
එකී මෙහෙයුම යටතේ සිදුවන බව කියන නීති විරෝධී සහ සදාචාර විරෝධී ක්‍රියාවන් වැලැක්වීම සඳහා පොලිසියට මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින් මෙම ක්‍රියාවලියට මැදිහත්වන ලෙස ඔවුහු කොමිසමින් ඉල්ලා සිටියහ.
යුක්තිය මෙහෙයුම මගින් නීතිය අවභාවිත කිරීමට සහ නීතියේ ආධිපත්‍යය පළුදු කිරීමට ඉඩ නොතැබිය යුතු බවත්, එය ජනතාවගේ ආරක්ෂාවට බරපතල අවදානමක් ඇති කරන බවත් ඔවුහු අවධාරණය කළහ.
මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඔවුන් යොමුකළ ලිපියේ මෙසේ සඳහන් වේ.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ අපරාධ නීතියේ මූලික මූලධර්ම උල්ලංඝනය වන ආකාරයෙන් ක්‍රියා කිරීම අවාසනාවන්ත තත්ත්වයක් වන අතර එය නීතියේ ආධිපත්‍යය බරපතල ලෙස හෑල්ලු කිරීමකි. එබැවින්, HRCSL වෙත පැවරී ඇති බලතල අනුව, එම මෙහෙයුම ප්රජාතන්ත්රවාදී සහ සාධාරණ සහ පවතින නීතිය සහ පුරවැසියන්ගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා වන අයුරින් සිදුකිරීමට අවශ්‍ය නිර්දේශ සහ මාර්ගෝපදේශ පොලිසියට නිකුත් කරන ලෙස අපි මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටිමු.
මේ සම්බන්ධයෙන් සිරකරුවන්ගේ අයිතීන් සුරැකීමේ කමිටුවේ (මෙම කණ්ඩායමේ එක් සංවිධානයක්) සභාපති නීතිඥ සේනක පෙරේරා ‘ඩේලි මෝර්නින්’ වෙත මෙසේ පවසා ඇත.
“යුක්තිය මෙහෙයුමේ අදහස හොඳයි. අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලිය යුතු බව ද අපි විශ්වාස කරමු. කෙසේ වෙතත්, මෙම මෙහෙයුම නිවැරදි මාර්ගයට ගත යුතුය. එය නීත්‍යනුකූලව සිදු කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, අපරාධ නඩු විධාන සංග්‍රහයක් සහ පොලිස් ආඥා පනතක් ද තිබේ. මෙම නීති පිළිපදින්නේ නැත්නම්, එය ජනතාවගේ ජීවිත හා අයිතිවාසිකම්වලට තර්ජනයක් වේ.
යුක්තිය මෙහෙයුමේදී සිදුවී ඇති මානව හිමිකම් කඩකිරීමේ අවස්ථා ගණනාවක් පදනම් කරගනිමින් මෙම පිරිසේ ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
පුනරුත්ථාපනය සඳහා පුද්ගලයන් යොමුකිරීමේදී 2007 අංක 54 දරන ඖෂධ මත යැපෙන පුද්ගලයන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපන) පනතට අනුව ක්‍රියා නොකිරීම, ව්‍යවස්ථානුකූලව පිළිගත් “උපකල්පනය නොතකා බොහෝ අත්අඩංගුවට පත්වූවන් ජනමාධ්‍ය මගින් වැරදිකරුවන් ලෙස නම් කිරීම ඒ අතර වේ.
අත්අඩංගුවේ පසුවන අයගේ දේපළ රාජසන්තක කර ඇත්තේ එම දේපළ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග නොගෙන බවත්, අවශ්‍ය අධිකරණ නියෝග ලබානොගෙන ගොඩනැගිලි කඩා ඉවත්කිරීම සහ පෙර නඩු තිබියදී ඇප පිට සිටීම අත්අඩංගුවට ගැනීමේ නිර්ණායකයක් ලෙස සැළකීම වැනි කරුණු කෙරුහිද ඔනු අවධානය යොමුකර ඇත.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා යැවීම සම්බන්ධයෙන් ද පොලිසිය තම අභිමතය පරිදි තීන්දු තීරණ ගන්නා බව පෙනෙන බවත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු සමඟ කටයුතු කිරීමේදී වෛද්‍ය වෘත්තිකයකුගේ මැදිහත්වීම අවශ්‍ය වන නීතිමය ප්‍රතිපාදන නොසලකා හරින බවත් ඔහු පෙන්වාදෙයි.
මේ අතර, මේ සම්බන්ධයෙන් ඊයේ නිකුත් කළ නිවේදනයක, පොලිසිය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද යුක්තිය මත්ද්‍රව්‍ය විරෝධී සහ සංවිධානාත්මක අපරාධ විරෝධී මෙහෙයුම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමද සිය කනස්සල්ල පළ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart