November 21, 2024

කොළඹ වරායට නුදුරින් ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්-ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධ විමර්ශන නැවත ආරම්භ කරන බව ශ්‍රී ලංකාවේ නව රජය පසුගියදා ප්‍රකාශ කිරීමෙන් පසු එක්ස්-ප්‍රස් පර්ල් හිමිකරුවන් වන සිංගප්පූරුව පදනම් කරගත් එක්ස්ප්‍රස් ෆීඩර්ස් වාර්තාවලට ප්‍රතිචාර දක්වා තිබේ.

ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ, “දැඩි ප්‍රමාදයන් ඇති කර තිබූ නිලධාරිවාදී සහ නීතිමය බාධක දැන් ජයගත හැකි” බවයි.

නව ආණ්ඩුව ප්‍රකාශයත් සමග හිටපු නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශකර තිබුණේ අදාළ සිද්ධියට ඩොලර් බිලියන 6.5ක වන්දියක් ගෙවීමට අවශ්‍ය බවයි.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුව සමයේ දූෂණ චෝදනා එල්ල වී තිබිණි.

රජය ලන්ඩන් පී ඇන්ඩ් අයි ක්ලබ් වෙතින් ලබාගෙන ඇත්තේ ඩොලර් මිලියන 12.5ක් පමණක් බව පැවසෙන අතර ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ද පිරිසිදු කිරීමේ වියදම් සඳහා දේශීය මුදලින් රුපියල් බිලියන 3ක් (ඩොලර් මිලියන 10.5ක්) ලබාගෙන තිබේ.

මෙම දැනුම්දීම් සහ පිරිසිදු කිරීමේ මෙහෙයුම් සඳහා අද වන විට හිමිකරු ඩොලර් මිලියන 150කට අධික මුදලක් ගෙවා ඇති බවත් ඊට මුහුදු පත්ලේ ඇති සුන්බුන් ඉවත් කිරීම පමණක් නොව ශ්‍රී ලංකා රජය විසින් සිදුකරන ලද ඉල්ලීම්ද ඇතුළත් බව එක්ස්ප්‍රස් ෆීඩර්ස් නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේය.

රජයට සහ නෞකාවේ අයිතිකරුවන්ට උපදේශකයන් ලෙස ක්‍රියාකරන ස්වාධීන විශේෂඥ මණ්ඩලයක් විසින් හිමිකම් තක්සේරු කර ඇති බව එහි සඳහන් වේ.

සිංගප්පූරුව පදනම් කරගත් හිමිකරු පැවසුවේ, සියලුම ගෙවීම් ශ්‍රී ලංකා රජයේ මධ්‍යම භාණ්ඩාගාර ගිණුමට ගෙවා ඇති අතර හිමිකම් පෑම සිදුකළ මුදල් වර්ගය මත අමෙරිකානු ඩොලර් හෝ දේශීය මුදලින් ගවීම කර ඇති බවයි.

ධීවරයන්ට වන්දි ගෙවීම සම්බන්ධයෙන් එක්ස්-ප්‍රස් ෆීඩර්ස් කියා සිටියේ තමන් ඩොලර් මිලියන 9.5ක් ගෙවා ඇති අතර ශ්‍රී ලංකා රජයට එරෙහිව ධීවර ප්‍රජාවේ නියෝජිතයන් විසින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා තෙක් ඉදිරි ගෙවීම් අත්හිටුවා ඇති බවයි.

නීතිමය ක්‍රියාමාර්ගවලට අදාළව Sea trade Maritime News අගෝස්තු මාසයේදී වාර්තා කළ පරිදි, නැවේ හිටපු කපිතාන් Vitaly Tyutkalo වසර තුනහමාරක සංචාරක තහනමක් යටතේ ශ්‍රී ලංකාවේ සිරවී සිටියේය.

“නව ශ්‍රී ලංකා රජය මෙම ක්‍රියාදාමයන් සමාලෝචනය කිරීමට යන්නේ නම්, එක්ස්-ප්‍රස් පර්ල් හි හිටපු කපිතාන් Vitaly Tyutkalo ට එරෙහිව පවතින නීතිමය ක්‍රියාමාර්ග සළකා බලන ලෙස අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා”,යනුවෙන් එක්ස්-ප්‍රස් ෆීඩර්ස් පවසයි.

ඔහුට දියණියකගේ විවාහ මංගල්‍යය සහ ඔහුගේ අනෙක් දියණියගේ උපාධි ප්‍රදානෝත්සවය මගහැරී ඇති අතර, තවත් බොහෝ අය මෙන්, අසාධාරණ ප්‍රමාදයන් නිසා ඔහු දිගින් දිගටම දුක්විඳින බව එක්ස්-ප්‍රස් ෆීඩර්ස් සඳහන් කර තිබේ.

42.31%
17.27%
32.76%