November 25, 2024

පෙර පැවති ක්‍රමයට නොව සැබෑ ආදායම් හෝ ලාභ තත්ත්වය මත පදනම්ව වාර්ෂික ප්‍රසාද දීමනා සේවකයන් 23,000 අතර සමානව බෙදා දෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩල සේවක සංගමය ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් කරයි.

දෙසැම්බර් 10 වැනිදාට පෙර සේවකයන් අතර ප්‍රසාද දීමනා බෙදා දෙන ලෙස සේවක සංගමය විදුලිබල මණ්ඩල කළමනාකාරීත්වයෙන් ඉල්ලා සිටි බව පසුගියදා වාර්තා විය.

ලංකා විදුලිබල මණ්ඩල සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පවසා ඇත්තේ මෙම වසරේ ඔවුන් පෙර වසරවල මෙන් වැඩි ප්‍රසාද මුදල් ඉල්ලා නොසිටි බවයි.

අතීතයේදී සේවක කාණ්ඩය අනුව ප්‍රසාද දීමනා වෙනස් වූ බවත් ඇතැමුන්ට රුපියල් 500,000කට වඩා වැඩි මුදලක් ලැබුණු බවත් ඔහු සඳහන් කරයි.

මෙවර එලෙස විශාල මුදලක් ඉල්ලා නිසිටින බවත් ඒ වෙනුවට ඉල්ලා සිටින්නේ සියලුම සේවක කාණ්ඩ සඳහා ඒකාකාර ප්‍රසාද මුදලක් ලබා දෙන ලෙස බවත් ඔහු පෙන්වා දෙයි.

ප්‍රසාද දීමනා ලෙස ගෙවිය හැක්කේ රුපියල් 10,000ක් පමණක් නම් එම මුදල සියල්ලන්ටම එක සේ ගෙවන ලෙස ඉල්ලා ඇතැයි ඔහු පැවසීය.

විදුලිබල මණ්ඩලය පසුගිය කාලයේ ලාභ ලැබූ බව සඳහන් කළ ඔහු ඉන් කොටසක් පාරිභෝගිකයාට ද ඉතිරිය සේවකයන්ට ද ලබාදිය යුතු බව පැවසීය.

“අපිට ගිය අවුරුද්දේ (2023), ඊට කලින් අවුරුද්දේ (2022) බෝනස් ලැබුණේ නැහැ, නමුත් අපි ජනතාව අඳුරේ තැබුවේ නැහැ. බෝනස් ඇතත් නැතත් අපි වැඩ කළ අතර අපි දිගටම වැඩ කරනවා. කෙසේවෙතත්, සේවකයන් වශයෙන් අපට යම් සහයෝගයක් තිබිය යුතුයි. අපි අපේ වගකීම ඉටු කරනවා නම් සාධාරණ ප්‍රතිලාභ ලැබිය යුතුයි.”යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.

 

42.31%
17.27%
32.76%