
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දුර්ලභ දිලීරයක් වන Mutinus bambusinus වසර 100 කට පසු ප්‍රථම වරට මෙරටින් සොයාගෙන ලේඛණගත කර තිබේ.
දුගඳ හමන වර්ගයක් වන මෙම දිලීරය 1919 දී මධ්‍යම පළාතේ පේරාදෙණියේ රාජකීය උද්භිද උද්‍යානයේ තිබියදී වාර්තා වී ඇත.
මෑතකාලීනව එම දිලීරය සොයාගෙන ඇත්තේ 2023 වසරේ ජූලි මාසයේදී ගාල්ල ප්‍රදේශයේ ගෙවත්තකදීය.
Ceylon Journal of Science හි ප්‍රකාශයට පත්කරන ලද අධ්‍යයනයක විස්තර කර ඇති Mutinus bambusinus නැවත සොයාගැනීම, වසර 104 කට පසු මෙම විශේෂය පිළිබඳ ප්‍රථම ප්‍රකාශිත වාර්තාව වේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය සහ ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂකයන් විසින් මෙම අධ්‍යයනය සිදුකර ඇත.
Mutinus bambusinus ඇතුළු දිලීර, පෝෂක ප්‍රතිචක්‍රීකරණය, ජෛව ප්‍රතිචක්‍රීකරණය සහ ජෛව පොහොර ලෙස ක්‍රියාකිරීම මගින් පරිසර පද්ධතිවල තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරයි.
මෙරට පවතින බොහෝ දිලීර විශේෂ තවමත් අධ්‍යයනය කර නොමැති අතර, ඇස්තමේන්තුගත දිලීර විශේෂ 25,000 න් 85% කට වඩා වැඩි ප්‍රමාණයක් තවමත් සොයාගෙන නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart