December 19, 2023

කීරි සම්බා සහල්වලට සමාන GR 11 සහල් මෙට්‍රික් ටොන් 50,000ක් පෞද්ගලික අංශය හරහා ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

දේශීය වෙළෙදපොලේ කීරි සම්බා සහල් හා සම්බා සහල්වල මිලෙහි තරගකාරිත්වයක් ඇති කරමින්, මිලෙහි වාසිය පාරිභෝගිකයාට ලබාදීමට මෙම තීරණය ගත බව රජය පවසයි.

මීට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා ඇත්තේ, වෙළෙද, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැතිවරයා විසිනි.

මේ වන විට වෙළඳපොළේ කීරි සම්බා සහල් හිඟයක් නිර්මාණය වී ඇත.

42.31%
17.27%
32.76%