Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට සමස්ථ ශ්‍රම බලකායම අයත්වන පරිදි නව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ඉදිරි මාස තුනක කාලය තුලදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත්, එහිදී මෙතෙක් ක්‍රියාත්මක වූ සමාජ ආරක්ෂණ වැඩසටහන් සියල්ල එක්කරමින් පොදු ආරක්ෂණ ක්‍රමයක් සකස් කිරීම සිදුවන බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පැවැසීය.
මෙම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල ස්ථාපිත කිරීමට අදාළව පිහිටවූ කමිටුමේ පළමු රැස්වීම පසුගියදා පැවති බවත්, ඒ අනුව එහි වාර්තාව ඉදිරි මාස තුනක කාලයකදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද ඇමැතිවරයා සඳහන් කළේය.
මෙරට අවිධිමත් අංශයේ රැකියාවල නියුතු සියලුදෙනාගේ ශ්රමයට ගෞරවයක් සහ ආරක්ෂාවක් ලබාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ආරම්භ කළ ‘ගරුසරු’ වැඩසටහන යටතේ අද (10) දින ජලනළ කාර්මිකයන් සහ පින්තාරු ශිල්පීන් සමඟ පැවැති හමුවේදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඇමැතිවරයා එහිදී මෙසේද සඳහන් කළේය.
” සමාජ ආරක්ෂණ ක්‍රමවේදයකට දායක නොවන සියලුම වැඩකරන ජනතාව සමාජ ආරක්ෂණ ජාලයකට ගොනුකරන වැපිළිවෙල දැන් ආරම්භ කරලා තියෙනවා. ඊට අදාළ කමිටුවේ පළමු හමුව පසුගියදා පැවැත්වුණා. මාස තුනක් හතරක් යනකොට අපි කැබිනට් මණ්ඩලයට ලංකාවේ ශ්‍රම බලකායේ සියලුදෙනා සමාජ ආරක්ෂණ ක්‍රමයකට ඇතුළත් කිරීම ගැන ක්‍රමවේදයක් ඉදිරිපත් කළයුතුයි. ඊට අදාලළ කටයුතුත් අපි මේවන විට කරමින් යනවා. මෙහිදී රැකියා අහිමිවූ අවස්ථාවකදී හිමිවෙන රක්ෂණ ක්‍රමවේදයක්, දෑත වාරු නැති කාලයේදී ඔවුන්ව බලාගන්න ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමටයි අපි කටයුතු කරන්නේ.
මේ සඳහා ඉන්දුනීසියාවේ, ඇමරිකාවේ, ඔස්ට්‍රේලියාවේ, වගේ විදේස් රටවල් කටයුතු කරන ආකාරයන් ගැනත් හොදින් අධ්‍යනයක් කරලා, ඒ වගේම ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙත් සහයත් අරගන්න නිසි තින්දු තිරණ ගන්න අපි සූදානම් වෙලා තියෙනවා. මින් පසුව අපි බලාපොරොත්තු වෙන්නේ ඊ.පී.එෆ්. කියලා වෙනම අරමුදලකුත්, ඊ.ටී.එෆ්. කියලා වෙනම අරමුදලකුත් වගේම අර රක්ෂණ මේ රක්ෂණ, කෘෂි රක්ෂණ කියලා විවිධ රක්ෂණ ක්‍රම මොකවත් නැතිව, රටේ හැම වැඩකරන අයෙකුටම පොදු එක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු සියල්ල කරමිනුයි සිටින්නේ. මාස තුනත් හතරක් ඇතිව මේවා සකස් කරන්න අපි කටයුතු කරනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart