Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෘත්තීය සමිති සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි විසින් කරන ලද ප්‍රකාශයක් මේ වනවිට දැඩි විවේචනයට ලක්ව තිබේ.
විවේචකයන් එම ප්‍රකාශය හඳුන්වා දී ඇත්තේ එය වෘත්තීය සමිතිවලට සිදු කරන ලද තර්ජනයක් ලෙසයි.
එහෙත් මහජන රැලියකදී වෘත්තීය සමිතිවල වැඩ වර්ජනවලට අදාළව තමන් සිදුකළ ප්‍රකාශය එවැනි අදහසකින් නොකළ බව නිපුණආරච්චි ප්‍රකාශ කරයි.
ඔහු අදාළ රැලියේදී මෙසේ ප්‍රකාශ කර තිබිණි.
“දවසක් වැඩවර්ජන කරන්නේ ගුරුවරු; ඊළඟ දවසේ විදුහල්පතිවරුන්. පසුව අනධ්‍යයන කාර්ය මණ්ඩලය. තවත් දවසක වෛද්‍යවරුන්ගේ වර්ජනයක්, පසුව හෙදියන්, ඊටත් පසුව සහායකයන්. පාරට බහිනකොටම ලංගම වර්ජනයක් හෝ පෞද්ගලික බස් වර්ජනයක් එනවා.” යැයි ඔහු කීවේය.
“අද මම ඔබට කියන වචන මතක තබා ගන්න. එවැනි වැඩ වර්ජන අතීතයට එක්වෙයි. ඔවුන් වර්ජනය කරන්න යන්නේ කාට විරුද්ධවද ? ඔවුන්ට රජයට විරුද්ධව ප්‍රශ්නයක් තිබෙනවා නම් රජය සමඟ සාකච්ඡා කර විසඳාගන්න පුළුවන්” යැයිද ඔහු පැවසීය.
වැඩ වර්ජන අතීතයට එක් වූ පසුබිමක එම වෘත්තීය සමිති තවදුරටත් පැවතීමෙන් පලක් නොමැති බැවින් ඉදිරියේදී එම වෘත්තීය සමිති විසුරුවා හැරීමට කටයුතු කරන බවද නිපුණආරච්චි සඳහන් කළේය.
ඔහුගේ ප්‍රකාශයට දැඩි විරෝධයක් මතුවීමෙන් පසු නිපුණආරච්චි ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට උත්සාහ කර තිබේ.
“මම අදහස් කළේ අපට දැන් තිබෙන්නේ ජනතාවාදී රජයක් බවයි. එය වෘත්තීය සමිති නායකයන් ඇතුළු සියලු දෙනාගේ ආණ්ඩුවයි. වර්ජන ක්‍රියාමාර්ගවලට නොගොස් ඔබට ඕනෑම ප්‍රශ්නයක් සාකච්ඡා කර විසඳා ගත හැකි ආණ්ඩුව මෙයයි,” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.
වෘත්තීය සමිති විසුරුවා හැරීම පිළිබඳ අදහස් දැක්වීම සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ රට සංවර්ධනය කරා යන විට එය අනාගතයේ කවදා හෝ සිදුවිය හැකි බවයි.
“වර්ජන පැවැත්වීමේ අවශ්‍යතාව අවසන් වන නිසා වෘත්තීය සමිති අවශ්‍ය වෙන එකක් නැහැ. පක්ෂය යටතේ තිබෙන වෘත්තීය සමිති විසුරුවා හැර අපි ආදර්ශයක් දෙනවා. නමුත් සමහර මාධ්‍ය මේක ඒ අදහසින් ඉවත් කරලා මම හෙට වෘත්තීය සමිති විසුරුවා හරිනවා වගේ කතාවක් ගෙනියනවා” යැයි නිපුණආරච්චි මහතා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart