March 30, 2025

ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ග හෙළා දකිමින් ස්ටිකරයක් ඇලවූ බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගත් 20 හැවිරිදි මුස්ලිම් තරුණයකු නිදහස් කරන ලෙස ඉල්ලා කොම්පඤ්ඤ වීදියේ පොලිස් මූලස්ථානය අසල විරෝධතාවක් පැවැත්විණි.

විරෝධතාකරුවන්ට අනුව, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ සාප්පු සංකීර්ණයක් තුළ ඇති වෙළඳසැලක අලෙවිකරුවකු ලෙස සේවය කළ මෙම තරුණයා මාර්තු 22 වැනි දින අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු ස්ටිකරය අලවා ඇති බව CCTV දර්ශන මගින් පෙනීයෑමෙන් පසුවය.

විරෝධතාකරුවන් පවසන්නේ ඔහු දැනට ත්‍රස්ත විමර්ශන අංශය (TID) විසින් රඳවා තබාගැනීමේ නියෝගයක් යටතේ රඳවාගෙන සිටින බවයි.

අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධතාකරුවන් බරපතළ කණස්සල්ල පළ කරන අතර, පලස්තීනය සමඟ සාමකාමී සහයෝගීතාව ප්‍රකාශ කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සැලකිය සැළකිව යන්න ඔවුහු ප්‍රශ්න කරති.

නිදහස් අදහස් ප්‍රකාශ කිරීම මර්දනය කිරීම සහ ත්‍රස්ත විරෝධී නීති අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳ විරෝධතාකරුවන් කණස්සල්ල පළ කළ බැවින්, විරෝධතාව අතරතුර පලස්තීනයට සහාය දක්වමින් දහස් ගණනක් ස්ටිකර් නගරය පුරා බෙදා හරින ලදී.

මේ අතර නීතිඥ හෙජාස් හිස්බුල්ලාට අනුව, ඊයේ විරෝධතාව සංවිධාන කළ මිෆ්ලාල් මවුලවි කොළඹ අපරාධ අංශයට (CCD) කැඳවා තිබේ.

නීතිඥ හෙජාස් හිස්බුල්ලාට අනුව, සෝදිසි කිරීම සඳහා මවුලවිවරයාගේ නිවසට ඔහු රැගෙන ගිය බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ මන්ත්‍රී මුජිබර් රහ්මාන්, අත්අඩංගුවට ගැනීම සහ විරෝධතාවට දැක්වූ ප්‍රතිචාරය සැළකිල්ලට ගෙන, පලස්තීනයට සහාය දැක්වීමේ ශ්‍රී ලංකා රජයේ දිගුකාලීන ප්‍රතිපත්තිය තවමත් පවතින්නේ දැයි ප්‍රශ්න කළේය.