December 30, 2024

වන අලි ගම්මානවලට පැමිණීමේ ගැටලුවට විසඳුම් ඉල්ලා විරෝධතාවයේ නිරත පිරිසක් අනුරාධපුර සිට තන්තිරිමලේ මාර්ගය ඔයාමඩුව ප්‍රදේශයේදී මාර්ගය අවහිර කර තිබිණි.

අලි රංචුවක් එම ප්‍රදේශයට ගෙනඒම නිසා දැඩි වගා හානි සිදුවී ඇති බව විරෝධතාකරුවෝ පවසති.

අද පෙරවරුවේ ප්‍රදේශවාසීන් මාර්ගය අවහිර කරමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින්  විරෝධතාව දියත් කර තිබිණි.

විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය ගත් උත්සාහය අසාර්ථක වූ බව වාර්තා වේ.

 

42.31%
17.27%
32.76%