Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට අවිධිමත් අංශයේ රැකියාවල නියුතු සියලුදෙනා හට වෘත්තීය ගරුත්වය සහ අභිමානය ලබාදීමට ආරම්භ කළ ගරුසරු වැඩසටහන යටතේ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය කවුන්සිල පිහිටුවීමේ පළමු අදියර ලෙස අන්තර්වාර ආංශික මෙහෙයුම් කමිටුව අද (16) දින පිහිටුවනු ලැබීය.
කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් ආංශික කමිටු පිහිටුවීමට අදාළව අද (16) පැවති සාකච්ඡාවේදී මෙම කමිටුව පිහිටුවනු ලැබීය.
ඒ අනුව මෙම අන්තර්වාර මෙහෙයුම් කමිටුව විසින් ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීයභාවය සහ සමාජ ආරක්ෂණය තහවුරු කිරීමට අදාළව ත්රිරෝදරථ රියැදුරන් සඳහා වූ වෘත්තීය කවුන්සිලය පිහිටුවන තෙක් ක්‍රියාත්මක වීමට නියමිතය.
මෙම අන්තර්වාර ආංශික කමිටුව මෙරට ක්‍රියාත්මක සියලුම ත්රිරෝදරථ රියැදුරු සංගම්වල නියෝජිතයින්ගෙන් සමන්විත අතර ඔවුන් මීට පෙර පැවැත්වූ සාකච්ඡාවන් හිදී සිය වෘත්තියේ ගරුත්වය වර්ධනය කිරීමට අදාළව එකඟතාවයට පත් වූ කරුණු සමන්විත යෝජනාවලියක්ද අද දින ඇමැතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
එහිදී මෙම යෝජනා බලාත්මක කිරීමට අදාළ නෛතික පසුබිම සපයමින් එම යෝජනා නව රැකිරක්ෂා පනත යටතේ ගැසට් කිරීමට කඩිනමින් පියවරගන්නා බවද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.
මේ අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් දිවයින පුරා ගරුසරු වැඩසටහන පිළිබඳව පැවැත්වීමට නියමිත දැනුවත් කිරීමේ වැඩසටහන්වලට එක්වීමටද අන්තර්වාර ආංශික කමිටුව සිය එකඟතාව පළකරනු ලැබීය.
දැනට ත්‍රීරෝදරථ රියැදුරන් ලෙස කටයුතු කරනු ලබන සියලුදෙනා ලියාපිදිංචි කරමින් දත්ත පද්ධතියක් සකස්කිරීමට අදාළව කිව්ආර් කේතයක් හදුන්වාදෙන ලෙසට ඉදිරිපත් වූ යෝජනාව සලකා බලමින් ඉතා කෙටි කාලයක් තුලදී නව කේතය හදුන්වාදීමට පියවර ගන්නා බවටද ඇමැතිවරයා මෙහිදී සහතික විය.
එමෙන්ම ත්‍රීරෝදරථ රියැදුරන් සඳහා වූ පිහිටුවන ලබන වෘත්තීය සංවිධානය මගින් අන්තර්ජාලය හරහා ත්‍රිරෝද රථ රියැදුරන්ට ගමන්වාර ලබාගැනීමට හැකි ක්‍රමවේදයක් සකස්කිරීම සම්බන්ධවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart