March 23, 2025

අයිස් සහ තවත් මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් සන්තකයේ තබාගෙන සිටි ප්‍රථමික පාසල් ගුරුවරයකු බමුණුගම ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු දළදාගම ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවය කරන බව පොලිසිය පවසයි.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 960ක්, ගංජා සහ තවත් මත්කරල් වර්ග කිහිපයක්ම සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.

වයස අවුරුදු 34ක් වන මෙම පුද්ගලයා බමුණුගම, නාගොල්ලාගම පදිංචිකරුවෙකි.