December 18, 2023

කිරුළපන ප්‍රදේශයේ එක්තරා ආගමික සභාවක් යටතේ පාලනය වන නේවාසිකාගාරයක සිටි බාලවයස්කාර දැරියන් පස්දෙනකුට වරින් වර ලිංගික අතවර කළේ යැයි කියන එම නේවාසිකාගාරය පාලන කළ පූජකවරයකු කිරුළපන පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ 63 වන වියේ පසුවන පූජකවරයකි.

මෙම නේවාසිකාගාරය ලියාපදිංචි නොකළ එකක් බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප පුවත්පත’ට පවසා ඇත.

අවුරුදු 09 සිට අවුරුදු 17 දක්වා අතර වයසේ පසු වන දැරියක් පස්දෙනකු 2000 වසරේ සිට මේ දක්වා සැකකාර පුජකවරයා විසින් ලිංගික අතවරවලට ලක්කර ඇතැයි එම නිලධාරියා සඳහන් කර තිබේ.

එම දැරියන් පස්දෙනා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර පූජකවරයා සම්බන්ධයෙන් කිරුළපන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

42.31%
17.27%
32.76%