September 28, 2023

දකුණු අප්‍රිකාවේ ආරම්භවීමට නියමිත පන්දුවාර 20 ලීග් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කේප් ටවුන් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ලසිත් මාලිංග පත්කර තිබේ.

නවසීලන්තයේ ජෙකොබ් ඕරම් මීට පෙර එහි කටයුතු කර තිබිණි.

මීට පෙර අමෙරිකාවේ පැවැති මේජර් ලීග් තරගාවලියේදි මුම්බායි ඉන්දියන්ස් නිව්යෝර්ක් කණ්ඩායමේ පන්දුයැවීමේ පුහුණුකරු ලෙසද ලසිත් මාලිංග කටයතු කරනු ලැබීය.

එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ රොබින් පීටර්සන් මුම්බායි ඉන්දියන්ස් කේප්ටවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ඇත.

දකුණු අප්‍රිකානු ලීග් පන්දුවාර 20 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද පැවැත්වේ.