Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යෝජිත රුපියල් 10,000 වැටුප් වැඩි කිරීම යටතේ රුපියල් 5,000ක වැටුප් වැඩිවීමක් 2024 ජනවාරි සිට ලබා දී ඉතිරි රුපියල් 5,000 අප්‍රේල් ලබා දීමට ඇති හැකියාව රජය ගවේෂණය කරමින් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති රාජ්‍ය ආදායම් ඒකකයේ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ 2023 අපේක්ෂිත මූල්‍ය වාර්තාවේ ඉදිරිපත් කර ඇති සංඛ්‍යාලේඛන මෙම සාකච්ඡාවට පදනම් කරගෙන ඇත.
එහිදී වැටුප් වැඩිවීම ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කළ හැකි බව පෙන්වා දී ඇත.
ඒ අනුව ජනවාරි මාසයේ සිට රජයේ සේවකයන්ට රු. 5,000ක් වන වැටුප් වැඩිවීමක් සහ විශ්‍රාමිකයන්ට සම්පූර්ණ රු. 2,500ක වැටුප් වැඩිවීම ලබාදීමට අපේක්ෂිතය.
අයවැය කතාවේදී ප්‍රකාශ වූයේ රජයේ සේවකයන්ට ජීවන වියදම් දීමනාව ලෙස රු. 10,000ක් වාරික දෙකකින් එනම් රු. 5,000 අප්‍රේල් මාසයේදී සහ ඉතිරිය ඔක්තෝබර් මාසයේදීත් විශ්‍රාමිකයන්ට රු.2,500 එකවර 2024 අප්‍රේල් මාසයේදීත් ලබාදීමට සැලසුම් කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart