
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දකුණු කොරියානු නිළි Kim Sae-ron මියගොස් ඇතැයි එරට පොලීසිය තහවුරු කර තිබේ.
24 හැවිරිදි වියේ පසුවූ Kim Sae-ron Seongsu-dong දිස්ත්‍රික්කයේ පිහිටි ඇගේ නිවසේ මියගොස් සිටියදී මිතුරකු විසින් සොයාගෙන ඇතැයි ද පොලීසිය පවසයි.
මරණයට හේතුව අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් අඛණ්ඩ පරීක්ෂණ ක්‍රියාත්මක බව වාර්තා වේ.
කිම්, ළමා නිළියක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර, 2000 වසරේ සෝල් හි උපත ලද ඇය 2009 වසරේ A Brand New Life චිත්‍රපටයේ ඇයගේ භූමිකාව සමඟ ප්‍රසිද්ධියට පත්වූවාය.
එමෙන්ම Kim Sae-ron ඉකුත් දා පැවැති කෑන්ස් චිත්‍රපට උළෙලට ද සහභාගී වී තිබේ.
2010 වසරේ දකුණු කොරියාවේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය වන The Man from Nowhere සහ 2012 ත්‍රාසජනක චිත්‍රපටයක් වන The Neighbour හිද Kim Sae-ron රංගනයෙන් දායක විය.
ඇයගේ රංගන දිවියේ අනෙකුත් කැපීපෙනෙන භූමිකාවන් අතර 2014 A Girl at My Door චිත්‍රපටය සහ 2016 දී Mirror of the Witch වැනි රූපවාහිනී නාට්‍යය ඇතුළත් වේ.
බීමතින් රිය පැදවීම හේතුවෙන් Kim Sae-ron 2022 දී බොහෝ දුරට රංගනයෙන් ඉවත්ව සිටි අතර, වරදට දඬුවම ලෙස 2023 අප්‍රේල් මාසයේදී වොන් මිලියන 20 (පවුම් 11,000) දඩයක් නියම විය.
කිම්ගේ අවසන් භූමිකාව වූයේ 2023 දී Netflix හි ප්‍රචාරය වූ Bloodhounds කොරියානු නාට්‍යයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart