November 10, 2023

පොලිසියට දැඩි බලපෑම් එල්ල කරමින් දකුණු පළාතේ ප්‍රබල දේශපාලන පවුලකට සම්බන්ධ පිරිසක් ඇඹිලිපිටිය කුට්ටිගල ප්‍රදේශයේ ගොඩ ඉඩම් සහ කුඹුරු ඉඩම් විනාශ කරමින් මහා පරිමාණයෙන් අනවසරයෙන් මැණික් පතල් කැණීම ජයටම කරගෙන යන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම දේශපාලන පවුලට සම්බන්ධ කීපදෙනකු ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සහ කුට්ටිගල පොලිසියේ නිලධාරීන්ට තර්ජන එල්ල සහ විවිධ බලපෑම් එල්ල කරමින් මහා පරිමාණයෙන් පතල් කැණීම් කරගෙන යන බව වාර්තා වේ.

ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් සිදුකළ වැටළීමකදී මෙම අනවසර මැණික් කැණීමේ ජාවාරමට සම්බන්ධ වී සිටි පුද්ගලයකු සහ බැකෝ යන්ත්‍රයක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වැටළීම කිරීමෙන් පසුව ද දකුණේ දේශපාලන පවුලට සම්බන්ධ ප්‍රබලයකු ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ට සහ කුට්ටිගල පොලිසියේ නිලධාරීන්ට තර්ජනය කරමින් අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ බැකෝ යන්ත්‍රය බේරා ගැනීමට උත්සාහ කර ඇතැයි වාර්තා වේ.

වගා ළිං ඉදිකිරීමට යැයි කියමින් මහවැලියේ නිලධාරීන් පිරිසකගේ සහාය ලබාගෙන මෙම සංවිධානාත්මක කණ්ඩායම ප්‍රදේශයේ භූමිය විනාශ කරමින් මෙම අනවසර මැණික් පතල් කැපීමේ ජාවාරම කරගෙන ගොස් තිබේ.

මෙම ජාවාරම සඳහා මහවැලියේ නිලධාරීන්ගේ සහායද උපරිමයෙන් ලැබී ඇති බව ද වාර්තා වේ.

කුට්ටිගල ප්‍රදේශයේ ගොඩ ඉඩම් සහ කුඹුරුවල අනවසර මැණික් පතල් ඉදිකර මුළු ප්‍රදේශයම විනාශයට පත්කර ඇතැයි මෙම වැටළීම සිදුකළ උසස් පොලිස් නිලධාරික් සඳහන් කර ඇත.(දිවයින)

42.31%
17.27%
32.76%