Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ පුතකු සහ ඔහුගේ මිතුරන් පිරිසක් සමග නර්තනයේ නිරතව සිටි ඉන්දියන් ජාතික තරුණියකගේ ශරීරය අත ගෑ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (20) කරන ලද පැමිණිල්ලක් පිළිබඳව බම්බලපිටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ අරඹා ඇත.
නර්තනයේ නිරතව සිටි ඉන්දීය තරුණිය අත ගෑ බව කියමින් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුතා ඇතුළු පාර්ශවය අනික් පාර්ශවය සමග බහින්බස්වීමක්ද ඇති වී තිබිණැයි කියති.
නර්තනයේ නිරතව සිටියදී වැරදීමකින් තම අත ඉන්දීය තරුණියගේ වැදුණු බව කියා ආරක්ෂක අංශයට සම්බන්ධ යැයි පැවසෙන අය සමාව ඉල්ලා තිබෙන බවද පොලිසිය සඳහන් කරයි.
මෙම කලබගෑනිය දුටු රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂක අංශ සාමාජිකයින් මෙම දෙපාර්ශ්වයේම අය සමාජ ශාලාවෙන් පිටට දමා ඇතැයි ද පොලිසිය පැවසීය.
කොළඹ දකුණු කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිරංජන් අබේවර්ධන මහාතා ගේ සහ සහකාර පොලිස් අධිකාරී රාජසිංහ මහතාගේ උපදෙස් මත බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පද්මලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් එම පොලිසියේ ළමා හා කාන්තාකාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරික්ෂිකා තමරා මහත්මිය ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart