February 7, 2025

පුද්ගලයන් 10 දෙනෙකු රැගත් ‘බෙරිං එයාර්'(Bering Air) ගුවන් යානයක් ඇලස්කාවේ නෝම් නගරය ආසන්නයේදී රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහී ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

අතුරුදන් වූ යානය බෙරිං එයාර් විසින් මෙහෙයවනු ලබන වාණිජ ගුවන් යානයක් බව ඇලස්කාවේ ප්‍රාන්ත හමුදා භටයන් තහවුරු කර ඇත.

ප්‍රකාශයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ, ඊයේ පස්වරු 4 පමණ ගුවන් යානය රේඩාර් පද්ධතියෙන් ගිලිහී ඇති බවයි.

මගීන් 9 දෙනකු සහ ගුවන් නියමුවකු රැගත් එම යානය ඇලස්කාවේ අනලාස්කා නුවර සිට නොම් දක්වා ගමන් කරමින් සිටියදී අතුරුදන් වූ බව වාර්තා වේ.

යානයේ සිටි පුද්ගලයන් මුදාගැනීම සඳහා සහන මෙහෙයුම් ක්‍රියාත්මකයි.

42.31%
17.27%
32.76%