Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට භාවිත කිරීම සඳහා අපරාධකරුවන් වෙත ලබා දුන්නා යැයි සැකකරන ත්‍රී රෝධ රථ 03ක් සහ යතුරු පැදි 03ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සේදවත්ත ප්‍රදේශයේදී 2024.12.05 වන දින බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටළීමක් සිදුකිරීමේදී සොරකම් කරන ලද යතුරු පැදි 02 ක් නිවසක සඟවාගෙන සිටි පුද්ගලයෙකු සොරබඩු ලඟ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ මෙහෙයවීම මත වෙනත් පුද්ගලයන් විසින් රත්ගම හා වාද්දුව පොලිස් වසම්වලදී මෙම යතුරු පැදි සොරකම් කර ඉහත සැකකරුට ලබා දී ඇති බවට සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.
මෙලෙස සොරකම් කරන ලද තවත් යතුරු පැදියක් සහ ත්‍රිරෝද රථ 03 ක් සේදවත්ත ප්‍රදේශයේ විදේශගතව සිටින ඉහත සංවිධානාත්මක අපරාධකරුගේ සහෝදරයෙකුගේ නිවසේ සඟවා තිබියදී පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම සොරකම් කරන ලද යතුරු පැදි සහ ත්‍රිරෝද රථ වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදු කිරීම සඳහා අපරාධකරුවන් වෙත ලබා දී ඇති බවට පොලිසිය සැකකරනු ලබයි.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart