Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනවසර ලෙස විදුලි සැපයුම භාවිත කිරීම නිසා රටට අහිමි වී යන වන අලි සම්පත රැක ගැනීම වෙනුවෙන් එවැනි තොරතුරු ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලය දුරකථන අංකයක් හදුන්වා දී ඇත.
රටේ ජෛව විවිධත්වයේ සංකේතයක් වූ වන අලි සම්පත දිනෙන් දින මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳවීයෑමේ තර්ජනයකට ලක්ව තිබේ.
ගණනය කිරීම් වලට අනුව 6000 ක් පමණ වූ ශ්‍රි ලංකාවේ වන අලි ගහණයෙන් 2023 වර්ෂයේ පමණක් විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුකොට ගෙන 474 දෙනෙකු මරණයට ලක්වී ඇත.
ඒ අතරින් ලංවිම විදුලි සැපයුම අනවසරයෙන් වැටවල්වලට හෝ රැහැන්වලට සම්බන්ධ කිරීම මඟින් අලි ඇතුන් 50 දෙනකු පමණ මරණයට පත්වී ඇති බව වාර්තා වේ.
ලංකා විදුලිබල මණ්ඩලය මෙම නීතිවිරෝධි ක්‍රියාව සම්බන්ධයෙන් දැනටමත් සුදුසු විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර රටේ වනඅලි සම්පත රැක ගැනීමට ජනතා සහායද අපේක්ෂා කරයි.
ඒ අනුව, විදුලි සැපයුම අනවසරයෙන් වැටවල්වලට හෝ රැහැන්වලට සම්බන්ධ කිරීම් පිළිබඳව 1987 ලංවිම ඇමතුම් මධ්‍යස්ථාන අංකයට දැනුම්දෙන ලෙස ඉල්ලා සිටියි.
අතීතයේ සිටම ආගමික මෙන්ම සංස්කෘතික වශයෙන් වැදගත්කමක් උසුලන, දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය සහ ආදරයට ලක්වෙමින් රට තුළ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වය සපයන අලි සම්පත විනාශ කිරීමට එරෙහිව එක්වන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart