January 21, 2024

කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් කරාපිටිය රෝහලේ ජ්‍යෙෂ්ඨ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයාගේ පැමිණිල්ලකට අනුව සුළු කාර්ය මණ්ඩල සේවිකාවක ඇතුළු එහි තිදෙනකු ගාල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අදාළ වෛද්‍යවරයාව ජනවාරි 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල මහේස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කර තිබේ.

61 හැවිරිදි විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ, රෝහලේදී කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකාවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පිරිසක් සිදුකරන ලද සංකේත වැඩවර්ජනය සම්බන්ධයෙන් පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයා ඔවුන් සමඟ බහින්බස්වීමකින් ඇති කරගෙන ඇති අතර, ඉන් අනතුරුව මෙම සිද්ධිය සිදුව ඇති බව වාර්තා වේ.

 

42.31%
17.27%
32.76%