Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අභියාචනාධිකරණයේ වත්මන් සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය අනුමත කරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
අගමැති දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, නිමල් සිරිපාල ද සිල්වා, සාගර කාරියවසම් ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් කිහිපදෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම්කරමින් එම පෙත්සම ගොනු කර ඇත්තේ වෘත්තියෙන් නීතීඥයකු වන සරිත් මහීපුත්‍ර පතිරත්න විසිනි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩුවක් පිරවීම සඳහා අගවිනිසුරුවරයා විසින් ද අනුමත කරන ලද අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා පිළිබඳ ජනාධිපතිවරයා කළ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය අත්තනෝමතික සහ අසාධාරණ බව පෙත්සම්කරු සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩුව පිරවීම සඳහා වූ නිර්දේශය සළකා බැලීම ඇතුළු කරුණු කිහිපයක් සවෙනුවෙන් එම සභාව ජනවාරි 19 වැනිදා රැස්වී තිබිණි.
පෙත්සම්කරු සඳහන් කළේ එම රැස්වීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බහුතර පිරිස ජනාධිපතිවරයාගේ නිර්දේශයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි.
ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඊ (4) වගන්තිය ප්‍රකාරව, එකී නිර්දේශය කවුන්සිලයේ බහුතර තීරණයකින් අනුමත වී නොතිබිණි.
අදාළ කැරුණේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බහුතරය එහි ව්‍යවස්ථාපිත ජනවරම නොසළකා අසාමාන්‍ය ලෙස අත්තනෝමතික හා චපල ලෙස ක්‍රියා කර ඇති බව පෙත්සම්කරු සඳහන් කළේය.
නීතිපතිවරයාගේ වාචික කරුණු දැක්වීම් සහ විනිසුරු මඩුල්ල නම් කිරීමේදී උපක්‍රමික වී ඇති බවට නගන ප්‍රසිද්ධ චෝදනා පදනම් කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ හැසිරීම නාමික විනිසුරුවරයාට එරෙහිව සෘණාත්මක බවත් උසස් අධිකරණ තනතුර සඳහා ඔහුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කර ඔහුගේ වෘත්තීය ප්‍රගතියට බාධා කිරීම සම්පූර්ණයෙන්ම අතාර්කික බවත් පෙත්සම්කරු කියා සිටියේය.
මෙම පෙත්සමට සහ දක්වමින් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා කරුණු දැක්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart