Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2020 වසරේ මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් 11 දෙනකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගයට අදාළ නඩු කටයුත්ත අවසන් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර තිබෙන ලිපියක් බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එම සිද්ධියෙන් මියගිය සම්පත් පුෂ්ප කුමාර නැමැති සිරකරුගේ බිරිඳ විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇත.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ වැලිසර මහේස්ත්‍රාත්වරයා නම්කර තිබේ.
2020 වසරේ නොවැම්බර් මස 29 වැනි දා මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් සිදු කළ වෙඩි තැබීම් හේතුවෙන් එහි රඳවා සිටි සිරකරුවන් 11 දෙනකු මරණයට පත් වූ බව පෙත්සම්කාරිය සිය පෙත්සම තුළින් කියාසිටියි.
ඒ පිළිබඳව පැවති මරණ පරීක්ෂණය අවසානයේදී මෙම මරණ ‘අපරාධයක්’ බවත් ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසත් දන්වා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කළ බවත් පෙත්සමේ සඳහන් වේ.
එහෙත් ඉකුත් අගෝස්තු මස 30 වැනි දා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමුකරමින් මෙම නඩු කටයුතු අවසන් කර ගොනු වසාදමන ලෙස දැනුම දී තිබෙන බවත් පෙත්සම්කාරිය කියාසිටියි.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 396 වැනි වගන්තිය යටතේ නඩුවක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් නීතිපතිවරයාට තීන්දුවක් ගැනීමට බලය පැවරී ඇත්තේ, ඊට අදාළ ලඝු නොවන නඩු විභාගය අවසන් වීමෙන් පසුව වුවත්, මෙම සිද්ධියේදී ලඝු නොවන නඩු විභාගයක් ආරම්භ වීමටත් පෙර නීතිපතිවරයා විසින් නඩු කටයුතු අවසන් කිරීමට තීරණය කිරීම නීතියට පටහැනි බවත් පෙත්සමේ මගින් චෝදනා කර තිබේ.
ඒ අනුව, මහර බන්ධනාගාර රැඳවියන්ගේ මරණවලට අදාළ නඩු කටයුතු අවසන් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙන ලිපිය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඊට අමතරව, එම විමර්ශන කටයුතු යළි ආරම්භ කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා නීතිපතිවරයාට රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම මගින් වැඩිදුරටත් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart