56.8%
18.59%
20%
August 20, 2024

කුරුණෑගල, ඇතුගලින් බිමට ඇදවැටී පුද්ගලයකු තුවාල ලබා තිබේ.

ඊයේ (19) උදෑසන ඇතුගලින් පුද්ගලයෙකු බිම වැටුණු බවට 119 තොරුතුරු මධ්‍යස්ථානයට දුරකථන ඇමතුමක් ලැබී ඇත.

බරපතළ තුවාල ලබා සිටි එම පුද්ගලයා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය පවසයි.

තුවාලකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.(Adaderana)

56.8%
18.59%
20%