November 13, 2024

රුපියල් මිලියන 13ක් වටිනා කොකේන් ගිලදමා පැමිණි සියරා ලියෝන් ජාතිකයකු කටුනායක ගුවන් තොටුපළේ දී ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන් තොටුපළ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සැකපිට අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබිණි.

ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමෙන් පසු මෙම පුද්ගලයා කොකේන් කරල් 17ක් ගිල දමා ඇති බව අනාවරණ වී තිබේ.

32 හැවිරිදි සැකකරු මීගමුව රෝහලට ඇතුළත් කර එහිදී මෙම කොකේන් තොගය සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සහ කොකේන් කරල් තොගය වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදී තිබේ.

42.31%
17.27%
32.76%