Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගුවන් ඉන්දියාවේ විස්තාරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක කොළඹ – මුම්බායි ගුවන් ගමනක් අතරතුර රෝද පුටුවක ගමන් කරන මගියකු මුහුණදුන් දුෂ්කරතාවක් පිළිබඳව ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තා කරයි.
ව්‍යාපාරික පන්තියේ ගමන් කළ අදාළ මගියා, තමන් මුහුණදුන් දුෂ්කරතාව හේතුවෙන් ගුවන් සමාගමින් රුපියල්(ඉන්දියානු) කෝටි 10 ක වන්දියක් ඉල්ලා අධිකරණය වෙත යොමුවී ඇති බවද අදාළ වාර්තාවේ දැක්වේ.
ගුවන් යානය මුම්බායි වෙත ගොඩ බැස්සවීමෙන් පසු රෝද පුටුවක් ලබානොදුන් බවත්, තමා දැඩි වේදනාවකින් සහ උදව් නොමැතිව අසුනෙන් නැගිටීමට පවා නොහැකිව සිටියදී ගුවන් කාර්ය මණ්ඩලය ඇයට ආසනයෙන් බැස බෑවුමක ඇවිදින්නැයි දැනුම්දුන් බවත් පැමිණිලිකාරිය චෝදනා කර ඇත.
කෙසේවෙතත් විස්තාරා ගුවන් සේවය පවසා ඇත්තේ, මගියා ඇයගේ අසීරුතාව පිළිබඳව කළින් ප්‍රකාශ කර නොමැති බවයි.
එම දිනයේ මුම්බායි ගුවන් තොටුපළේ ගුවන් ගමන් කාලසටහන්වලට හදිසි වෙනස්කම් සිදු වූ අතර, එය ගැටලුවලට හේතු වූ බව ද විස්තාරා සඳහන් කරයි.
සැප්තැම්බර් 14 වැනි දින, උග්‍ර රූමැටොයිඩ් ආතරයිටිස් රෝගයෙන් පෙළෙන මොනිකා ගුප්තා, කොළඹ පවුලේ නිවාඩුවක් ගත කිරීමෙන් පසු, ඇගේ 81 හැවිරිදි මව, ඇගේ සහෝදරයා සහ බෑණනුවන් සමඟ UK-132 ගුවන් යානයෙන් මුම්බායි වෙත ආපසු පිටත්ව ගොස් ඇත.
පැමිණිලිකාරියගේ සොහොයුරා වන මුදිත් ගුප්තා පවසා ඇත්තේ, තම සහෝදරියට සහ මවට රෝද පුටු වෙන්කරවා ගෙන තිබුණද, ඒවා ලබා ගැනීමට කොළඹ ගුවන් තොටුපළේ පැයක කාලයක් රැඳී සිටීමට සිදු වූ බවයි.
මුම්බායි ගුවන් තොටුපළේ ධාවන පථය තාවකාලිකව වසා දැමීමට තුඩු දුන් අනතුරක් හේතුවෙන් සවස 4 ට පිටත් වූ ඔවුන්ගේ විස්තාරා ගුවන් යානය හයිද්‍රාබාද් වෙත හරවා යවා අවසානයේ රාත්‍රී 11 ට පමණ මුම්බායි වෙත ගොඩබස්වා තිබේ.
“මෙම දිගු ගුවන් ගමන මගේ සහෝදරියගේ තත්වය නරක අතට හැරුණා. යානය දුරස්ථ ස්ථානය ගාල් කර තිබුණත් රෝද පුටුවක් ලබාදී තිබුණේ නැහැ. මගේ සහෝදරියට ආසනයෙන් නැගිටීමටවත් හැකියාවක් නොමැතිව සිටින විට, අයට බෑවුමකින් බැස යන ලෙස කාර්ය මණ්ඩලය බලපෑම් කළා” යැයි මුදිත් ගුප්තා පවසා තිබේ.
“මගීන් සියලුදෙනා පිටත්ව ගියා. කාර්ය මණ්ඩලයත් අපව තනිකර දමා යානයෙන් පිටව ගියා” යැයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart