
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිංගප්පූරුවේ සිට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ දක්වා පියාසර කළ ගුවන් යානයකදී ගුවන් සේවිකාවන් දෙදෙනකුට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ මගියකු ගුවන්තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා 38 හැවිරිදි වියේ පසුවන අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු ඊයේ රාත්‍රි 10ට පමණ ළඟාවූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබේ.
සැකකරු අධික ලෙස බීමත්ව සිට අතර අදාළ ගුවන් යානයේ රාජකාරියේ යෙදී සිටි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇතැයි පැවැසේ.
ගුවන් සේවිකාවන් සිද්ධිය ගුවන් නියමුවාට දැනුම්දීමෙන් පසු ඒ බව කටුනායක ගුවන් තොටුපලේ පාලක මැදිරියට දැනුම් දීමට පියවර ගෙන ඇත.
ඒ අනුව යානය ගුවන්තොටුපළට ගොඩබැසීමේදී සැකකරු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කටුනායක පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් සේවිකාවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ද වාර්තා වේ.
සැකකරු මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර අදාළ මගියා අධික ලෙස බීමත්ව සිටි බව එහිදී තහවුරු වී තිබේ.
සිද්ධිය සිදුව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් සීමාව තුළ බැවින් සැකකරු අද කොළඹ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart