
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩොමිනිකන් ජනරජයේ අගනුවර පිහිටි රාත්‍රී සමාජ ශාලාවක වහලය කඩාවැටීමෙන් පුද්ගලයන් 98 දෙනකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ.
අනතුරින් තවත් 160කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ද බලධාරීහු පවසති.
මෙලෙස කඩාවැටී ඇත්තේ සැන්ටෝ ඩොමින්ගෝ හි පිහිටි ජෙට් සෙට් නමැති සමාජ ශාලාවක වහලයක් වන අතර, එහි සුන්බුන් අතර සිටින පිරිස් සොයා මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව එරට හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජුවාන් මැනුවෙල් මෙන්ඩෙස් පවසයි.
“සුන්බුන් ඉවත්කිරීම සහ මිනිසුන් සෙවීම අඛණ්ඩව සිදුකරනවා, අපි වෙහෙස නොබලා වැඩකරනවා. ගලවාගැනීමේ සේවකයන් සමාජ ශාලාවේ ප්‍රදේශ තුනකට ප්‍රමුඛත්වය දෙමින් සිටිනවා, අපිට සමහර ශබ්ද ඇසෙනවා. ” යනුවෙන් ඔහු ජනමාධ්‍ය වෙත පවසා ඇත.
කෙසේවෙතත් අදාළ සමාජ ශාලාවේ වහලය කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව පැවැසේ.
විදෙස් ජනමාධ්‍ය පැවසුවේ ඩොමිනිකන් ජනරජයේ උතුරු මොන්ටෙක්‍රිස්ටි පළාතේ ආණ්ඩුකාර නෙල්සි කෲස් ද මියගිය අය අතර සිටින බවයි.
මේ අතර, තුවාල ලැබූවන් අතර වහලය කඩාවැටෙන විට සමාජ ශාලාව තුළ ගීත ගායනය කරමින් සිටි ඩොමිනිකන් ගායක Rubby Perez ද සිටින බව පැවසේ.
ඔහුගේ කළමනාකරු එන්රිකේ පෝලිනෝ එම ස්ථානයේ සිටි වාර්තාකරුවන්ට පැවසුවේ, මධ්‍යම රාත්‍රියට ටික වේලාවකට පෙර ප්‍රසංගය ආරම්භ වූ බවත්, ඉන් පැයකට පමණ පසු වහලය කඩාවැටුණු බවත්ය.
“එය ඉතා ඉක්මණින් සිදුවුණා. මාව මුල්ලකට විසිවුණා. මම මුලින්ම හිතුවේ ඒක භූමිකම්පාවක් බවයි” පොලීනෝ සඳහන් කර ඇත.
මේ අතර ඩොමිනිකන් ජනරජයේ ජනාධිපති Luis Abinader අනතුර සිදුවූ ස්ථානයට පැමිණ විපතට පත්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් සමග සාකච්ඡා කර තිබේ.
කෙසේවෙතත් ඔහු ජනමාධ්‍ය වෙත අදහස් දක්වා නොතිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart