January 1, 2024

විදෙස් රටවල සිටින මෙරට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ දරුවන්ගේ පාසල් ගාස්තු ගෙවීම සහ ඊට අදාළ අනෙකුත් වියදම් සම්බන්ධයෙන් කලින් හඳුන්වා දී තිබූ කප්පාදු පියවර විදේශ අමාත්‍යංශය විසින් ඉවත් කර ඇති බව වාර්තා වේ.

අමාත්‍යංශය නිකුත් කර ඇති නවතම උපදෙසට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, විදේශගතව සිටින රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ පළමු දරුවාගේ මුළු පාසල් ගාස්තුව සහ ඔවුන්ගේ දෙවන දරුවාගේ පාසල් ගාස්තුවෙන් සියයට 80ක් ගෙවනු ඇත.

අදාළ පාසල් විසින් පවත්වනු ලබන උපකාරක පන්ති ගාස්තු, ඇතුළත්වීමේ හෝ බඳවා ගැනීමේ ගාස්තු සහ විභාග ගාස්තු සඳහා ද ඔවුන්ට හිමිකම් ඇත.

නිල ඇඳුම්, ප්‍රවාහන, පාසල්වලින් සපයන ආහාර සහ විෂය බාහිර ක්‍රියාකාරකම් වැනි අනෙකුත් කටයුතු සඳහා වන වියදම් අමාත්‍යංශය විසින් ආවරණය නොකෙරේ.

ආර්ථික අර්බුදයෙන් පසු, ශ්‍රී ලංකාව විදේශ සේවයේ වියදම් අඩු කිරීමේ ක්‍රියාමාර්ග හඳුන්වාදුන් අතර දරුවන්ගේ පාසල් ගාස්තුවෙන් ගෙවනු ලැබුවේ සියයට 75ක් පමණි.

එසේම, රටවල් 7ක තානාපති කාර්යාල හතක් වසා දැමීමට ද පියවර ගැනිණි.

මෙම ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් රු. බිලියන 1.6ක් ඉතිරිකර ගැනීමට හැකි වී ඇති බව වාර්තා වේ.

42.31%
17.27%
32.76%