Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාර්ග අනතුරුවලින් විපතට පත්වූවන්ට අධිකරණයට නොගොස් තම වන්දි ලබාගැනීමට හැකි නීතිමය රාමුවක් මාසයක් ඇතුළත හඳුන්වාදීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න පවසයි.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය රෙගුලාසි දැනටමත් සකස් කර ඇති බව රාජ්‍ය ඇමැති අලගියවන්න සඳහන් කරයි.
මෙම නව ක්‍රමය හරහා රිය අනතුරට සම්බන්ධ වූ පාර්ශ්වයට අධිකරණයට නොයා රුපියල් ලක්ෂ පහක් දක්වා වන්දි මුදලක් ලබාගැනීමේ හැකියාව ඇත.
අනතුරේ ස්වභාවය අනුව රුපියල් 500,000 වින්දිතයන්ට ප්‍රමාණවත් නැති නම්, උසාවියට ගොස් ප්‍රමාණවත් වන්දියක් ලබාගැනීමට හැකියාව ඇති බවත් ඔහු පෙන්වාදෙයි.
මීට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පවසයි.
රිය අනතුරුවලට ලක්වන පුද්ගලයන්ට රක්ෂණ ආයතන හරහා වන්දි ලබාගැනීමේදී අදාළ පාර්ශ්වයන්ට සිදුවන අපහසුතාවන් මගහරවා ගනිමින් විපතට මුහුණ දුන් අයට සහන සැලසීමේ අරමුණින් ම මෙම ක්‍රමය හඳුන්වා දෙන බවද ඔහු සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart